තරු කිරණ මෘදුකාංගයට වසර 10ක් සපිරෙන මේ අවස්ථාවේදී
Kendare.com යනු, ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මාසික ගෙවීමේ පදනම මත අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි මෘදුකාංගයකි. මේ සඳහා ඔබට වැය වන්නේ දිනකට රු. 13.70 ක් වැනි සුළු මුදලක් පමණි. මෙමඟින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් කළ හැකි අතර මුද්‍රණ පිටපත් ද ලබාගත හැක.
Kendare.com පළමු නිකුතුවේදී පහත සඳහන් දෑ අඩංගු වේ.
- ලග්න, නවාංශක, පඤ්චාඞග සහිත කේන්ද්‍ර සටහන්
- ක්‍රිෂ්ණමූර්ති භාව කේන්ද්‍රය
- විම්ශෝත්තරී, අශ්ටෝත්තරී දසා
- වාස්තු ඒකාදශ වර්ගය
- ශබ්ද විද්‍යාවේ යෝනි ගණනය කිරීම
- මුද්‍රණ පිටපත් ලබාගැනීමේ හැකියාව
- Google Map හරහා ලොව ඕනෑම තැනකට කේන්ද්‍රය ගණනය කිරීමේ හැකියාව ( අක්ෂාංශ, දේශාංශ සහ වේලා කලාප ආදිය ඉබේ සැකසීම)
මෙය තරු කිරණ මෘදුකාංගයෙන් වෙනස් වන්නේ පහත ආකාරයෙනි.
- Kendare.com මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනයෙන්ද භාවිතා කළ හැකි නිසා ඔබට ඕනෑම ස්ථානයක සිට ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් පහසුවෙන් කරගත හැක.
- මෙම මෘදුකාංගය භාවිතය සඳහා අන්තර්ජාල පහසුකම අත්‍යාවශ්‍ය වේ.
- ඔබගේ ඕනෑම කේන්දර පිටපතක දත්ත අන්තර්ජාලයේ සුරැකිව තබාගත හැක. එසේම පරිගණකය හෝ ජංගම දුරකථනය මාරු කරන අවස්ථාවකදී වුවද එම දත්ත නොනැසී පවතී.
- ඩොංගලයක් භාවිතය අනවශ්‍යය වීම.
- දිනකට රුපියල් 13.70 ක් වැනි සුළු මුදලක් පමණක් වැය වීම.
- පරිගණකයක් නොමැති අයෙකුට වුවද භාවිතා කිරීමේ හැකියාව.
- යාවත්කාලීන කිරීමට Update අවශ්‍ය නොවීම. (අන්තර්ජාලය හරහා ඉබේම යාවත්කාලීන වේ.)
kendara
good if you allow us to have more details on horescopes